Recent Posts Widget

Search Papers

Tuesday, October 16, 2018

කළමනාකරණය හැඳින්වීම

🔰 කළමනාකරණය හැඳින්වීම
🔰13ශ්‍රේණිය සඳහා
🔰 උසස් පෙළ ඇගයීම් ක්‍රියාවලිය  කළමනාකරණය අරමුණු හා ක්‍රියාවලිය
🔰පළමු ලිපිය.

කළමනාකරණය🤔🤔

👉"පුද්ගලයින් ලවා යම් කාර්යයක් ඉටු කරවා ගැනීම කළමනාකරණ ලෙස ඉතා සරලව නිර්වචනය කළ හැක "(Stewart)

 👉"ව්‍යාපාරයක්  විසින් ප්‍රගුණ කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයක් සහ හොඳම හා ලාභදායීම(පිරිවැය අවම ) ආකාරයෙන් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ හැදෑරීමෙන් කලාව කළමනාකරණයයි "(Anon)

👉"ව්‍යාපාරික පවත්නා සම්පත් (මානව මූල්‍ය ද්‍රව්‍ය බුද්ධිමය හා අස්පෘෂ ) උපයෝජනය හා මෙහෙයවීම තුළින් සංවිධානය හා සියලුම අංශයන්ට නායකත්වය දීමේ හා මෙහෙය වීමේ ක්‍රියාවලිය කළමනාකරණයයි " (Taylor)

👉"උපායශීලී සැලසුම්කරණය (Strategic Planning)පරමාර්ථ පිහිටුවීම සම්පත් කළමනාකරණය පරමාර්ථ ලඟාකරගැනීම සඳහා අවශ්‍ය නම් මානව හා මූල්‍ය වත්කම් උපයෝජනය කිරීම සහ ප්‍රතිඵල මැනීමේ සංවිධාන මේ ක්‍රියාවලිය කළමනාකරණයයි "(Anon)

👉"පිහිටුවාගත් පරමාර්ථයන් ඉහල කාර්යක්ශමතාවයකින් ෂමතාවයකින් යොදුන් පමණ ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රාග්ධනය යන්ත්‍රෝපකරණ ද්‍රව්‍ය හා ශ්‍රමය ඵලදායී ලෙස උපයෝජනය සහ සම්බන්ධීකරණය කිරීම කළමනාකරණයයි"(Anon)

👉කළමනාකරණය පිළිබඳ විවිධ නිර්මාණයන් තුළින් කළමනාකරණ එහි විවිධ පැතිකඩයන් පිළිබඳව අවධානය යොමු කරනු ලැබේ .මෙම විවිධ නිර්වචන සැසඳීමේ දී කලමණාකාරනය පිළිබඳ බොහෝ කරුණු අපට ප්‍රකාශ කරයි .

✌️යෝජනා පමණක් ඉදිරිපත් නොකර කළමනාකරණය මගින් ඉතා ශක්තිමත් ආකාරය මගපෙන්වීමක් සිදු කරන බව පෙන්වා දෙයි .

✌️බොහෝ නිර්වචනයන්  තුළින් කළමනාකරණය විවිධ වූ ක්‍රියාකාරකම් වලින් සැදුම් ලත් බව කියවේ .

✌️සමහරක් නිර්වචනයක් මගින් නිශ්චිත සන්දර්භයක් / වටපිටාවක් තුලි කළමනාකරණය සිදු වීමේ අවශ්‍යතාව අවධාරණය වේ .

✌️නිර්වචන ගණනාවකින් පෙන්වා දෙන ආකාරයට කළමනාකරණය යනු "අන්‍යයන්ගේ ප්‍රයත්නයන් තුළින් පරමාර්ථ ඉටු කර ගැනීමේ ක්‍රියාවලියක් වේ "

🤔🔥 සංවිධාන කළමනාකරණය කිරීම
(Managing Organization)

👉අරමුණු ළඟාකර ගැනීමට උත්සුක වන ස්ව කාර්ය ඵල පාලනය කරන සමාජ සැකැස්මක් සංවිධානයක් ලෙස හැඳින්වේ .

👉මෙම නිර්වචනය තුළින් කළමනාකරණය අවශ්‍යතාවය පහත පරිදි පෙන්වා දෙයි

✌️පරමාර්ථ බෙහෙත යුත්තේ සංවිධාන උදෙසායි .

✌️පරමාර්ථ නිසිලෙස  ලෙස ළඟාකර ගන්නවාද යන්න තහවුරු කිරීම සඳහා කවුරුන් හෝ විසින් ව්‍යාපාරයක් ප්‍රගතිය හා ප්‍රතිඵල පරීක්ෂා කළ යුතු වේ .

✌️ව්‍යාපාරය වටිනාකම් ආචාර ධර්මයන් හා මෙහෙයුම් මූලධර්ම කවුරුන් හෝ විසින් සන්නිවේදනය කළ යුතුයි .

✌️සංවිධානයක අයිතිකරුවන් හා සංවිධානයට සම්බන්ධ අනෙකුත් පාර්ශවයන් හට ව්‍යාපාරය තුළින් ලැබෙන ලාභය පිළිබඳ කවුරුන් හෝ විසින් සැලකිලිමත් විය යුතු වේ.

👉කළමනාකරණ කාර්යයන් පවත්වාගෙන යාම සඳහා විවිධ වූ සංවිධාන වලට විවිධ වූ සංවිධාන වින්දනයන්රෝධයන් පවතී උදාහරණයක් ලෙස සමහර සංවිධාන වල උපායශීලී සැලසුම් කරන දෙපාර්තමේන්තුව එන්න පිහිටා තිබුණ ද අනෙකුත් සංවිධාන එසේ නොවේ .

    පෞද්ගලික අංශයේ ව්‍යාපාර තුළ කලමනාකරුවෙකු යනු ඒ කොටස් කරුවන් වෙනුවෙන් සංවිධානය කළමනාකරණය කරන්නකි .ප්‍රායෝගිකව ගත් කළ ව්‍යාපාරය වාර්ෂික ලාභයෙන් දිගින් දිගටම පවත්වා ගනී නම් කොටස්කරුවන් මැදිහත් වන ඒ ඉතා කලාතුරකිනි .

   රාජ්‍ය අංශයේ ව්‍යාපාර වල කළමනාකරු රජය වෙනුවෙන් තම කළමනාකරණ කාර්යයන් ඉටු කරයි .ප්‍රජාතන්ත්‍රවාදය තුළ දේශපාලනඥයින් ඡන්ද දායක කොට්ඨාශ වලට වග කියනු ලැබේ .මේ හේතුවෙන් බොහෝ රාජ්‍ය අංශයේ සංවිධාන වල පරමාර්ථයන් පිහිටුවනු ලබන්නේ කළමනාකරණයට වඩා එහි අයිතිකරුවන් ගේ හෝ රජය මගිනි .එසේම රජය මඟින් යම් යම් ප්‍රතිපත්තියෙන් හෝ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉහළ කළමනාකාරීත්වයට පැවරීම මගින් කළමනාකාරීත්වය අභිමතයට සීමා පැමිණේ .


🔰 කළමනාකරණය හැඳින්වීම
🔰13ශ්‍රේණිය සඳහා
🔰 උසස් පෙළ ඇගයීම් ක්‍රියාවලිය  කළමනාකරණය අරමුණු හා ක්‍රියාවලිය
🔰දෙවන ලිපිය.
👉කළමනාකරණය හැදින්විම පළමු ලිපියේ ..
කළමනාකරන  ක්‍රියාවලියේ යෙදවුම් නැතහොත් පරිසරය ලෙස හා ආදානය (inputs) විවිධ සම්පත් වර්ග යොදා ගනු ලබන අතර කළමනාකරණ ක්‍රියාවලිය මූලික අංග හතරකින් සමන්විත ය .
එනම් සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම හා පාලනයයි . ඒ අනුව යෙදුම් හා කළමනාකරණ ක්‍රියාවලිය අතර කාර්යක්ෂමතාවයත්,
ප්‍රතිදානය ලෙස අරමුණු හා අභිමතාර්ථ ඉටු වීම පෙන්වා දිය හැකිය.කළමනාකරණ ක්‍රියාවලිය හා ප්‍රතිදානය අතර සඵල දායකත්වයත් යන්න සම්බන්දා වේ.
ඉහත නිරූපණය වන  කළමනාකරණ කාර්යයන් පහත පරිදි සාරාංශ කළ හැක.
✌️ සංවිධානයක් තුල අනාගතයේ සිදුවිය යුත්තේ කුමක්ද සහ එකේ ක්‍රියාවලියෙන් පිළිබද වැඩසටහන්  සම්පාදනය කිරීම සැලසුම්කරණයට අයත් වේ .
✌️සංවිධානයක සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා  ව්‍යාපාරික සම්පත් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීමත් ,අර්ථකාරී සම්බන්ධතා දියුණු කිරීමත් සංවිධානය කරණය යනුවෙන් අර්ථ ගැන්වේ ..
✌️කිසියම් අවස්ථාවක දී කළ යුත්තේ කුමක්ද යන්නත් මිනිසුන් යොදවා එක් කරන්නේ කෙසේ ද යන්න තහවුරු කිරීම මෙහෙය වීම ඒ හා සම්බන්ධ වේ .
✌️සැලසුම් වලට අනුකූලව ප්‍රගතිය පරික්ෂා කිරීම පාලනයට ඇතුළත් වේ .
💜️ කලමනාකරණ වර්ග
👉ඉහළ කළමනාකාරිත්වය .
ඉහළ කළමනාකාරීත්වයට අධ්‍යක්ෂක මණ්ඩලය සහ අධ්‍යක්ෂක මණ්ඩලයට සෘජුවම වාර්තා කරන අනෙකුත් කළමනාකරුවන් ඇතුළත් වේ .මොවුන් සමස්ත සංවිධානය ම පාලනය කරන අතර ව්‍යාපාරය ඉදිරිය උදෙසා උපක්‍රම ගොඩනැගීමටත් තීරණ ගැනීමටත් සිදු කරයි .
මෙම ඉහල කලමනා කරනය සතු බලතල පවතී.බල කිරීම හා නිසි වාසි පිරිනැමීම ද ඉතා වැදගත් සාධකයක් ලෙස සේවකයින් හා සම්බන්ධ තීරණ ගැනීමට ඇති බලතල මේ අතර ප්‍රධාන වෙයි .
💜️මධ්‍ය කළමනාකාරිත්වය
මෙම කළමනාකරුවන් ව්‍යාපාරය තුළ තුළ විවිධ ඒකකයක් සඳහා වගකියනු ලැබේ .මොවුන් තමාගේ ඒකක වලට අදාල කාර්යයන් සම්බන්ධයෙන් ඉහළ කළමනාකාරීත්වයට වගකිව යුතු වේ .සහ ස්ථානික ප්‍රතිපත්තියෙන් හා පරමාර්ථ වලට අනුකූල ව සැලසුම් ක්‍රියාත්මක කිරීමට අදාළව ඔවුන්ගේ ඒකකයන් මෙහෙයවීම හා සංවිධානකරණය කිරීම මොවුන්ගේ කාර්යභාරය ලෙස සැලකේ .
මධ්‍යම කළමනාකරුවන්ට ද බලතල ගණනාවක් තිබේ.තම යටත් සේවකයින් සඳහා වාසි පිරිනැමීමේ බලය,ඔවුන් ගේ ප්‍රවීණත්වය නිසා ලැබෙන බලය හා ඉහල කළමනාකරණය තීරණ ප්‍රමාද කිරීමේ හෝ මුලා කිරීමේ නිශ්චය 2 බලය ද එය අතර පවතී .ඔවුන් එම බලය නීතියානුකූල ලෙස භාවිතා කරන බවට සහතික විය යුතුය .එබැවින් විධිමත් රැකියා විස්තරයක් බලය ලබා දීමේ සීමාවන් හා අනෙකුත් විධි විධාන ද අවශ්‍ය වේ
💜️කනිෂ්ඨ කළමනාකාරිත්වය
මෙම කළමනාකාරීත්වය ව්‍යාපාරයක් පාලනය හා මෙහෙයවීම කටයුතු සඳහා අවධානය යොමු කරයි .සේවකයින්ගේ වැඩ අධීක්ෂණය කිරීම සහ අපේක්ෂිත නිෂ්පාදන ගුණත්වය හා ප්‍රමාණය ලඟා කරගැනීම වැනි කාර්යයන් සඳහා මොවුන් වග කියනු ලැබේ .
💜️රේඛීය හා මාණ්ඩලික කළමනාකාරිත්වය .
කළමණාකරුවන්ගේ වගකීම් හා සම්බන්ධ ක්ෂේත්‍රයන් විශ්ලේෂණයේදී රේඛිය හා මාණ්ඩලික යන නාමයන් පහත පරිදි දැක්විය හැක .
👉සිරස් කිරීමේ දාමය තුළ කළමණාකරුවෙකු හට යටත් සේවකයකු හා බැඳී පවතින අධිකාරී බලය රේඛීය අධිකාරිය ලෙස හැඳින්විය හැක
    කළමණාකරුවෙකු හා දෙපාර්තමේන්තුවකට තවත් කළමනාකරුවෙකුට හෝ දෙපාර්තමේන්තුවකට විශේෂිත උපදෙස් ලබාදීම සඳහා ඇති අධිකාරී බලය මාණ්ඩලික අධිකාරිය ලෙස හැඳින්වේ .
උපදෙස් ලබාදෙන දෙපාර්තමේන්තුව උදෙසා තීරණ කිරීමට හෝ තීරණ වලට බලපෑම් කිරීම සඳහා අයිතියක් මෙම මාණ්ඩලික අධිකාරිය සතු නොවේ .උදාහරණයක් ලෙස මානව සම්පත් කළමනාකරණ විසින් ගිණුම් කය විසින් ගිණුම් කළමණාකරුවෙකු හට සම්මුඛ පරීක්ෂණයක් පවත්වා තෝරාගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම දැක්විය හැක ..
🛡️ ශ්‍රිතීය /ක්‍රියාකාරීත්වය පිළිබඳ අධිකාරිය
කළමනාකරුවන් හට සංවිධානය පුරාවට විහිදුණු ශ්‍රිතීය අධිකාරියක් පවතින අතර  සංවිධානයේ ගැටළුවක් ඇති විට එය අදාල දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස බල කිරීමේ හැකියාවක් ද මේ තුළ පවතී .උදාහරණයක් ලෙස මූල්‍ය ගණකාධිකාරි වරයකුට අනෙකුත් දෙපාර්තමේන්තු තුළින් ලැබී ඇති මූල්‍ය වාර්තා ලබා ගැනීම දැක්විය හැක .මෙම ශ්‍රිතීය   අධිකාරිය හා සම්බන්ධ ප්‍රධාන අංශ පහත පරිදි දැක්විය හැක
👉මෙහෙයුම් කළමනාකරණය
ව්‍යාපාරයේ පාලනය නිෂ්පාදන ක්‍රියාවලිය නිර්මාණය හා පාලනය .
👉අලෙවි කළමනාකරණය 
අලෙවිකරණ සම්පත් හා කාර්යයන් කළමනාකරණය කිරීම හා කළමනාකරණ ශිල්ප ක්‍රම භාවිතය
👉මානව සම්පත් කළමනාකරණය
බඳවා ගැනීම පුහුණු කිරීම ඇගයීම හා ප්‍රතිලාභ ලබාදීම වැනි කාර්යයන් ඇතුළත්ව සංවිධානය ශ්‍රම බලකාය කළමනාකරණය කිරීම
👉 මූල්‍ය කළමනාකරණය
සංවිධානයේ පරමාර්ථ ලඟාකර ගැනීම උදෙසා සංවිධානය අරමුදල් කාර්යක්ෂම හා සඵලදායී කළමනාකරණය කිරීම ...
😊😊 කළමනාකරණය සම්බන්ධ බාවිත වචන පැහැදිලි කිරීමකින් තුන්වන ලිපියෙන් හමු වෙමු ...
Lakshan Fernando 💙

5 comments: